ඔන්න අපි අද ගෙනාවේ VGA ගැන.
අමුතුවෙන් කියන්න ඕනා නෑනේ ගේමර්ස්ලාට මේ භාණ්ඩේ ගැන. තමන්ගේ පණට වඩා වටින දෙයක් මේක ගේමර්ස්ලාට. අද මම ගෙනාවේ VGA එකක් ගන්න කලින් දැන ගන්න ඕනා දේවල් ගැන. මොකෝ ඉතින් VGA එකක් ගන්නවා කියන්නේ එසේ මෙසේ සීන් එකක් නෙමේනේ.ටයිටේනියම් හීනනේ ගේමර්ස්ලාට තියෙන්නේ (Ti) . ඉතින් මේ ටික දැන ගත්තොත් ඔයාගේ ටයිටේනියම් සිහිනේ සාර්ථක ලෙස සැබෑ කරගන්න පුලුවන් වෙයී.
මොනාද මේ VGA කියන්නේ
VGA කියන්නේ Video Graphics Array කියන එක කොට කරලා. මෙකේ ඉතිහාසේ ගැන කිව්වොත් මේක හදුන්වා දෙන්නේ IDMලා 1987දී.
මේ VGA කාර්ඩ්ස් අපිට ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුලුවන්. (Gaming Platform එකේ ඈ)
1. BUDGET CARDS
මේවා තමා දුප්පතාගේ හිතවතා. හුගක් වෙලාවට මේවා 50 versions. ඒ කිව්වේ GTX650,GTX750.AMDනම් AMD Radeon R7 250X වගේ කාර්ඩ් පෙන්නලා දෙන්න පුලුවන්. මේවා වල මිළ සාපේක්ශව අනිත් කාඩ් වර්ග වලට වඩා අඩුයී. ඒ උනාට ඉතින් හොද Gaming අත්දැකීමක් ලබන්න අවුලක් නෑ මේවා. GTX750TI කියන්නෙත් ඉතින් දැන් හුගක් ගේමර්ස්ලා අතර ප්‍රසිද්ධ මේ ජාතියේ VGA එකක්.
2. MID-RANGE CARDS
මේවා ටිකක් Budget cards වලට වඩා මිළෙන් වගේම Performance වලිනුත් වැඩී කාර්ඩ්ස් වර්ගයක්. ඒ වගේම දැන් එන හුගක් ගේම්ස් මේවා වල 1080p High Settings වල ගහන්න පුලුවන්. GTX770 කියන්නේ මේ ජාතියේ කාර්ඩ්ස් වල තියෙන හොදම වර්ගයේ කාර්ඩ් එකක්. Base clock එක 1,111Mhz තියෙන මේ කාර්ඩ් එකත් ගේමින්ග් වලට මරු. ඒ වගේම අපේ AMD රසිකයන්ටත් තියෙනවා AMD Radeon R9 290 කාර්ඩ් එක. මෙකේත් Base clock එක 1,007Mhz තියෙන පට්ට Mid Range Card එකක්.
3. HIGH-END CARDS
ඔන්න ආවා අපේ ගේමර්ස්ලාගේ සිහින කුමාරයෝ ටික. මේවා අර කලින් වර්ග දෙකටම වඩා මිළෙන් වගේම Performance වලිනුත් ඉතින් වැඩී කියලා අමුතුවෙන් කියන්න ඔනා නෑනේ අපේ අයියලාට. GTX 980,GTX TITAN,GTX 1080,Radeon R9 295X2 ඔය ඉන්නේ ඉතින් මෘගයෝ ටික. මේවා වල දැනට තියන ඕනාම ගේමක් වගේ කැත නැතුව Max settings දලා ගහන්න පුලුවන් ගින්නක් නැතුව. Nvidia GeForce GTX 780 Ti කියන්නේ මේ ජාතියේ VGA හොයන අයට ගන්න පුලුවන් හොද VGA එකක්. 3GB Dedicated Video RAM එකයී 980 Mhz clock එකයී ඉතින් ආයේ කොර තමයී. ඒ වගේමවියදම් කරන්න සල්ලී තියෙනවානම් ඒ වගේම Dual VGA setup එකක් හදන්න ඔයාගේ අදහසක් තියෙනවානම් ඒකට හොදම Highend VGA එකක් තමයී AMD Radeon R9 295X2 කියන්නේ. පට්ටම VGA එකක් 8GB VRam එකක් තියෙන අයියෙක් තමා මෙයා. මානසිකව ඇද වැටිලා ආයේ ඇද වැටෙනවා නේ?
අපි VGA එකක් ගන්න කලින් දැනගන්න ඕනා දේවල්.
1.මෝඩල් නම්බර් එක බැලුවේ නැත්නම් සොරිම තමා පුතී.
VGA එකක් ගන්න කලින් බලන්න ඕනා වැදගත්ම දේ තමයී මේ මොඩල් නම්බර් එක. මේකෙන් තමා VGA එකක graphic processor,clock rate එක වගේ ඉතාම වැදගත් සාධක කිහිපයක් පිළිබද දළ අවබෝධයක් අපිට ගන්න පුලුවන් වෙන්නේ. මෝඩල් නම්බර් එක කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක තියෙන අංක තියෙන කෑල්ල. Nvidea නම් Geforce "GTX1080" Radeon නම් Radeon "R9 290X" උදාහරණ විදිහට පෙන්නන්න පුලුවන්. උදාහරණයක් විදිහට මෙහෙම හිතමු.දැන් මේ සීන් එක දන්නේ නැති කෙනෙක්ට GTX 1050 VGA එකකුයී GTX 980 VGA එකකුයී දීලා කැමතී එකක් තෝරගන්න කිව්වොත් ඌ ගණන් දන්න එකෙක්නම් තෝර ගන්නේ GTX1050 නේ අනිවාර්යෙන්ම."ටහුඩු 980 මොකක්ද ඒ වගේද 1050".ඒත් IT දන්න එකෙක්නම් තෝර ගන්නේ GTX980. මොකද මේ කම්පුටර් ලොකේ අංක ගණිතය පිලිවෙලට නෙමෙනේ වැඩ වෙන්නේ. Windows උනත් 2000 ආවට පස්සේනේ 7,8,10 ආවේ. ඉතින් අපි හැම තිස්සේම බලන්න ඕනා VGA එකේ අන්තිම ඉලක්කම් දෙක. ඒ දෙක වැඩී එකක් ගන්න එක තමා නුවනක්කාරම වැඩේ. ඒත් එහෙමයී කියලා ඉතින් ඉස්සරහා අංකේ නොසලකා ඉන්නත් එපා.
2.මෙමරිය ලොකු වෙන්නම ඕනා නෑ
මෙමරිය ලොකු හින්දා ග්‍රැෆික් කාඩ් එකක් ගන්නවා කියන්නේ හරියට තෙල් ටැංකිය ලොකු නිසා වාහනයක් ගන්නවා වගේ වැඩකට.ගේමර්ස්ලා ගොඩක් කරන වරදක් තමා විඩියෝ රැම් එක ලොකු හින්දා VGA ගන්නවා. අර කලින් කිව්වා වගේ මොඩල් නම්බරෙත් බලලා රැම් එක ලොකු VGA එකක් ගත්තාට අවුලක් නෑ (සල්ලී තියෙනවානම්) ඒත් හුගක් අය කරන්නේ රැම් එක ලොකු ලෝ එන්ඩ් හරි කමක් නෑ VGA එකක් ගන්න එක.ඔයා ලොකු 4K මොනිටර් තුනක් දාලා වගේ ප්‍රොෆෙශනල් මට්ටමේන් ගේම් ගහන්න නම් යන්නේ ඔන්න ඔය වගේ දඩාර රැම් එකක් තියෙන VGA එකක් අවුලක් නෑ. නැතුව ඔයත් මේ අපි වගේ 1920×1080 රෙසොලුශන් එකක ගේම් ගහන්න හදන දුප්පත් ගේමර් කෙනෙක්නම් කාඩ් එකේ රැම් එක ගැන එච්චර වද වෙන්න ඕනා නෑ. හැබැයී මොඩල් නම්බර් එක හරියට බලලා Highend එකක්ම ගන්න. මොකද GDDR5 1GB VGA එකක් DDR3 4GB VGA එකකට එහා.
3.VGA එක රජා වෙලා වැඩක් නෑ අනිත් පාට්ස් සිගිතී නම්
Gaming PC එකක වැදගත්ම පාර්ට් එක ඉතින් VGA ගොයියා තමා. ඒ උනාට ඉතින් අනිත් පාර්ට්ස් උනත් ගැම්මට තියෙන්නෙ එපැයි. හරි ඔන්න අපි පෙරුම් පුරලා ණය වෙලා හරි ගත්තා පදිරි නැතී VGA එකක්. ආයේ ඒරියා එකම කොර. ෆොටෝ ගහලා FBත් දාලා ඔන්න දැන් Computer එකට හයී කරන්න යන්නේ ඒක. කම්පියුටරේ Processor එක Duel Core, RAM එක 4GB ඒ උනාට VGA එක GTX TITAN එකක්. වැඩක් වෙයිද නෑනේ. කෙලින්ම Bottleneck. ඉතින් වැඩක් නෑ. ඒ හින්දා ඔයාටත් තියෙන්නේ ඒ වගේ සාමාන්‍ය PC එකක්නම් එක්කෝ ඔයා PC එක හොදට හදාගෙන ඉන්න ඕනා. Highend VGA එකක් එක්ක i5 වත් Processor එකක් තියෙනවානම් පට්ට. ඒක කරන්න බැරිනම් කරන්න තියෙන්නේ mid range කාඩ් එකක් බලන එක තමයී. ප්‍රොසෙසරේ විතරක් හදලා මදී. දැන් 1280x1024 වගේ රෙසෝලුශන් එකක් එක්ක ගේම් ගහන්නනම් ඉතින් ඔය පතාංග Highend VGA ඔනා නෑනේ. Mid range එකක් හොදටම ඇතී. ඒ වගේම ඉතින් Highend VGA එකක් එක්ක පොඩී මොනිටරයක් තියන් ඉදලා VGA එකට කරන්නෙත් ලැජ්ජාවක්. ඒ හින්දා VGA එකක් ගද්දී තමන්ගේ PC එකට ගැලපෙන එකක් ගන්න අමතක කරන්න එපා.
4.VGA දෙකක් එකට සෙට් කරන්න ඔනේම නෑ
Nvidea එකෙනුයී AMD එකෙනුයී දෙකෙන්ම පහසුකම් සලසලානේ තියෙන්නේ VGA කාඩ්ස් කිහිපයක් එකට ලින්ක් කරලා වැඩිපුර Performance ගන්න පුලුවන් වෙන්න. මේකට AMD වලින්නම් කියන්නේ Crossfire කියලා Nvidea වලනම් කියන්නේ SLI කියලා.මම දැකලා තියෙනවා තනි මොනිටරේ ගේම් ගහන එවුනුත් මේක කරන්න යනවා. 1920×1080 Resolution එකක ගේම් ගහන්න ඔච්චර Performance මොකටද? එක හොද Highend VGA එකක් තිබ්බානම් හොදටම ඇතී. ඔහොම VGA දෙක තුන Link කරාට කමක් නෑ අර monitor දෙක තුන දාලා 4K Resolution වල ගේම් ගහන උදවිය. මේ අපේ තනි මොනිටර් අයියලාට මොකටද ඔච්චර සෙල්ලමක්. අපරාදේ නිකන් සල්ලී. සල්ලී වැඩිනම් අපිට VGA එකක් අරන් දිපියව්.
5.කරන්ට් එක කොහොමද?
High performance graphics card වලට ඉතින් වැඩිපුර විදුලියක් යනවා. Mid range වගේ ඒවාට ඊට වඩා සාපෙක්ශව අඩු විදුලියක් යන්නේ. ඒ හින්දා ඉතින් ගන්න කලින් මේ ගැනත් හිතන්න ඕනා. නැත්නම් ඉතින් කරන්ට් බිල එද්දී ගෙදරින් ගහලා එළවයී. ඒ වගේම VGA එකක් ගහද්දී එකට හරියන Power Supply Unit එකක් තියෙන්නත් ඕනේ. මොකද අඩු පවර් සප්ලයී එකකින් හයි එන්ඩ් VGA එකක් run කරන්න බෑ.
පොස්ට් එක ගැන හිතෙන දේවල් කමේන්ට් කරන්න. ඔයාලා දන්න VGA ගැන තව කරුණු තියෙනවානම් ඒවත් කමේන්ට් කරන් යන්න.වැරදි තිබ්බොත් ඒවත් පෙන්නලා දෙන්න.






0 comments:
Post a Comment